Monday, May 26, 2014

අවසාන රැවටිල්ල


Writer: KasunL (පරිවර්ථනයක් නොවේ)
(c) Kasun L. 2014, May
-------------------------

ඔෆිසර් උල්රිච් තම යානයෙන් එම ඝනැති කැලෑ ප්‍රදේශයට ගොඩබැස්සේය. ඔහු තම බද පටිය සකසා ගෙන, තම සන්නිවේදන උපකරන සහ ආයුධ පරීක්ෂා කර බලා, යානයට අත වනා සංඥා කලේය. මිනිසුන් තිදෙනෙකුට සරිලන කුඩා අහස් නැවක් වූ එය, හම් ශබ්ධයක් පිටකරමින් අහසට නැගුනේය. පැය 5 කින් එය නැවත උල්රිච් කැදවාගෙන යාමට එම ස්ථානයට ගොඩ බැසීමට නියමිත විය -- ඔහු ගේ අරමුණ ඉටු කරගෙන හෝ නොගෙන. උල්රිච්ට කපිතන්ගෙන් අණ ලැබී තිබුනේ, ක්ලිගොන් ග්‍රහ ලොවෙහි මෙම ප්‍රදේශය තුළ සැගවී සිටිතැයි සැක කෙරෙන මිනී මරැ ක්ලිගොන් මැරයෙකු සොයා අත්අඩංගුවට ගැනීමය. ඒ සදහා ඔහුට පැය 5ක කාලයක් නියම වී තිබිනි. පැය 5ක දී මැරයා සොයාගෙන හෝ නොගෙන ඔහු ආපසු යානය ගොඩබැසීමට නියමිත තැනට යා යුතුය. මන්දයත්, කපිතන් ට අනුව, මේ සදහා ඊට වඩා කාලයක් වෙන් කිරීමට තමා සූදානම් නැති වූ හෙයිනි. මෙය ක්ලිගොන් ආණ්ඩුවෙහි ප්‍රශ්ණයක් වූ අතර, කපිතන්ගේ අදහස වූයේ, ෆෙඩරේෂනයෙහි සහය බලාපොරොත්තු නොවී එය ඔවුන් බලාගත යුතු බවය.

ක්ලිගොන් වැසියන්ගෙන් ලැබුනු කට උත්තර අනුව, ‍මෙම මැරයා දිගැති කළු ලෙදර් කබායකින් සැරසී සිටී. ඔහුගේ එම කබාය තුළ කඩුවක් සහ ගිනි අවියක් සගවාගෙන සිටින බව කටකථා වලින් කියවිනි. එහෙත් එවැනි ඇදුම් වලින් සැරසුනු ක්ලිගොන්වරැන් ඕනෑ තරම් සිටි හෙයින්, එය ප්‍රභල සාක්ෂියක් නොවුනි. එමෙන්ම ඔහු තම මුහුණ නොපෙනෙන ලෙස හිස් ආවරණයක් පැළදගෙන සිටී. කිසිවෙකුටත් මොහුව අල්ලා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති අතර, ඔහු සුළග මෙන් වේගවත්, නරියෙකු මෙන් කපටි පුද්ගලයෙකු බව කියවිනි. මෙහෙයිනි ක්ලිගොන් ආරක්ෂක දෙපාර්තමෙන්තුව ෆෙඩරේෂණයෙහි ආධාර පතා තිබුනේ. දැනට මෙම මැරයා මංකොල්ල කෑම් සහ මිනීමැරැම් 20කට අධික සංඛ්‍යවකට වග කිව යුතු වූයේ ය.

කිසිවෙකු මොහු කවරෙකුදැයි නොදැන සිටි අතර, ඔහු ගැන තිබුනේ එක වැදගත් සාක්ෂියක් පමනි. එනම්, ඔහුගේ ඉන ප්‍රදේශයට පහලින්, එකට ගෙතුනු සර්පයින් දෙදෙනෙකු ගේ පච්චයක් කොටා තිබෙන බවය. ඔහු එක්තරා හුදකලා මගීන් දෙදෙනෙකු මංකොල්ල කෑමට යෑමේදී ඇතිවුනු පොර බැදීමකදී, ඔහුගේ කලිසම බද අසලින් ඉරීයාමේ දී, එම මගීන් දෙදෙනාගෙන් එක් පුද්ගයෙකු එය දැක තිබිනි. මංකොල්ලකරැ එක් මගියෙකු මරා දැමූ අතර, අනෙකාට පලා යාමට හැකියාවක් ලැබී තිබිනි. පච්චය ගැන තොරතුර ලබා දී තිබුනේ මෙම පණ බේරාගත් පුද්ගලයා විසිනි.

උල්රිච් තම යානයෙහි ආලෝක බුබුළු නොපෙනී යන සැටි බලා සිට, ඝනැති රැක් ගොමු සහ වැල් මැදින් ඉදිරියට යන්නට විය. ඝර්ම කලාපීය වන ගහනයට අයත් කුරැල්ලන්ගේ සහ කෘමීන්ගේ හඩින් ඔහුගේ දෙසවන් පිරී ගියේය. එමෙන්ම මෙම වනයෙහි සැරිසරන අස්වාභාවික මාංශ භක්ෂකයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඔහුට අනතුරැ අගවන ලැබ තිබුනි. ඔහු විනාඩි 20ක් පමණ, ඉතා පරික්ෂාකාරීව ඉදිරියට ගමන් කලේය. මනුශ්‍යවාසයක් ඇත්තේ මින් සැතපුම් 10කට එපිටින් බව, මවු යානය ඔහුගේ ට්‍රයිකෝඩරයට එවූ සිතියමින් දැක්විනි. උල්රිච් තම බැක් පැක් බෑගය කරින් ගලවා, තම වතුර බෝතලය පිටතට ගත්තේ, වනය තුළ තිබූ දැඩි අාර්ධෘතාවය නිසා ඔහුව දහඩියෙන් නෑවී යන්නට පටන්ගෙන තිබුනු හෙයිනි. ඔහු වතුර බෝතලයෙහි මූඩිය ඇර එයට කට තබනවාත් සමගම, ඔහුට ඈතින් යම්කිසි හඩක් ඇසී ගියේය. එය ඔහුට ඇසුනේ කිසියම් බරැති සතෙකු ජල පහරක් මැදින් ඇවිදින්නාක් වැනි විලාශයකිනි. වනයෙහි වෙසෙන රෞද්‍ර මාංශභක්ශකයින් ගැන කළ අනතුරැ ඇගවීම ඔහුට සිහිවූ අතර, ඔහු තම වතුර බෝතලයෙන් උගුරැ දෙක තුනක් බී ඉක්මනින් එය බෑගයට දමාගෙන, බෑගය නැවතත් පිටෙහි එල්ලාගත්තේය. දත්ත වලට අනුව, පෘථිවි වනාන්තර වල වෙසෙන වලසුන් මෙන් දහ ගුනයක් පමණ විශාල වූ මිනීමරැ සත්වයින් මෙහි වාසය කරයි. උල්රිච් තම බද පටියෙන් ෆේසරය ගෙන, එහි බලය උපරිමය දක්වා වැඩි කලේය. දැන් එයින් වැදෙන ෆේසර් කිරණ පහරකින් අලියෙකු පවා එක්වරම මිය යනු ඇත. එහෙත් මෙම අදුරැ වන ගහනය තුළ කෙබදු අන්දමේ ප්‍රභල සත්වයින් වෙසෙතියිද යන්න ඔහු නොදත්තේ ය. ඔහු වැඩි දියුනු වූ හද ගැස්මක් සහිතව සෙමෙන් ඉදිරියට ගියේය. විනාඩි පහක් පමන ගමන් කිරීමේ දී අර ජල ශබ්ධය ලංවන බව ඔහුට දැනුනි. ඔහු ෆේසරය දැඩිව අල්ලාගෙන ඉදිරියට ම ගමන් කරන්නට විය. එහෙත් ඔහුගේ අත්ලෙහි දහඩිය ඔහුගේ අත්වැසුම තුල ඇලෙන සැටි ඔහුට දැනුනි. තවත් විනාඩි 10කදී ජල ශබ්ධය ඔහුගේ දකුණු පසින් සහ අත ලගින්ම ඇසී ගියේය. උල්රිච් බිමට නැවී වනයේ යටිගහනය තුළින් බඩගාගෙන මෙන් ඒ දෙසට ඇදෙන්නට විය. හදිසියේම ඔහුට ඉදිරියෙන් වූ ගස් කොලන් අඩුවී යන සැටිද, කිසියම් විවෘත පෙදෙසක් ඉන් එපිටින් ඇති සැටිද ඔහු දුටුවේය. ඔහු නැගී සිට, එලි මහන කොනක වූ ගසකට මුවාවී, ෆේසරය දිගු කරගෙන පිටතට එබිකම් කලේ, දියෙහි වෙසෙන කිසියම් සත්වයෙකු දැක ගැනීමටය. එහෙත් ඔහු දුටු දෙයින් ඔහු විශ්මයට පත් විය. ඔහු දුටුවේ, වනය මැද වූ ජල පොකුණකින් ගැහැනියක් ස්නානය කරන සැටිය. ඈ මුළුමනින්ම නිරැවත් ව සිටි අතර, ඇගේ නළලෙහි වූ තට්ටු තට්ටු බදු අශ්ටි වැස්මෙන් ඈ ක්ලිගොන් ගැහැනියක් බව ඔහු හදුනාගත්තේය. නලලෙහි වූ මෙම අශ්ටි තට්ටු ක්ලිගොන් වර්ගයාගේ ශරීර ලක්ෂණයක් වූ අතර, එය උල්රිච් හට සිහි කලේ පෘථිවියෙහි ඩයිනසෝරයෙකුගේ නළලකි. උල්රිච් තවමත් තම ෆේසරය මානාගෙන ඉදිරියට අඩියක් තැබුවේය. එවිටම ක්ලිගොන් ගැහැනිය තම නෑම නවතා කෙලින් සිටගත්තාය.

"ඔතන මොකාද?" යැයි කී ඈ, පොකුණ අසල තිබූ රෙදිකඩක් තම සිරැරෙහි ඔතාගත්තා ය. එහෙත් තෙත බේරෙන ඇගේ පියයුරැ රෙද්දට ඇලී යාමෙන්, ඇගේ රවුම් පියයුරැ සහ තන පුඩු මුලුමනින් සැගවීමට රෙදි කඩට නොහැකි විය. තම සියුම් අඩි ශබ්ධය ඈට කෙසේ ඇසුනේ දැයි උල්රිච් පුදුම විය. ඔහු වන ගොල්ලෙන් පිටතට පැමිනියේය. ඔහු ෆේසරය දිගු කරමින්, "ඔහේ කවුද?" යනුවෙන් අසා සිටියේය.

ක්ලිගොන් ජීවිත පරාසය අනුව ඈ තරැණියක් බව උල්රිච්ට පෙනුනි. ක්ලිගොන්වරයෙකු වසර දෙසීයක් පමන ජීවත් වන හෙයින් මැයට අවුරැදු 50ක් පමන වනු ඇතැයි උල්රිච් තීරණය කලේය.

ගැහැණිය කිසිවක් නොකී අතර, ඈ තම දැවෙන්නාක් බදු දෑසින් උල්රිච් දෙස ද ඔහුගේ ෆේසරය දෙසද බලා සිටියාය.

"තමුන් කවුද? මොකද මේ මහ කැලේට නාන්න ආවේ?" උල්රිච් නැවතත් ඇසුවේය.

"නම තෝරි. මගෙ ගේ මෙතන ඉදල හැතැම්ම දෙකක් විතර එහායින් තියෙන්නෙ", ඈ මෙවර කීවාය.

"මේකේ කොටි වලස්සු ඉන්න බව දන් නැද්ද, මෙහෙම නාන්නෙ?"

"දන්නවා!" ඈ කීවේ එපමනකි. උල්රිච් තම ෆේසරය පහතට කොටගෙන ඈ දෙසට ඇවිදගෙන ගියේය. ඔහු තම ෆේසරය මදක් පහකට කර ගෙන, තමා දකින මෙම දර්ශණය අදහා ගැනීමට නොහැක්කාක් මෙන් බලා සිටියේය.

"තමුසෙ කවුද? තමුසෙ ගෑනු නානවා බලන්ඩද ආවේ?" ඈ කීවාය, "තමුසේ ක්ලිගොන් කෙනෙක් නෙමේ, තමුසේ මනුස්සයෙක් නේද? කොහෙ ඉදලාද ආවේ?"

"මම ෆෙඩරේශන් යානයකින් මෙහාට ආවේ. මේ කැලෑව ඇතුලේ මිනීමරැවෙක් හැංගිලා ඉන්න බව අපට ආරංචි වෙලා තියෙනවා."

"හුම්, ෆෙඩරේශන් නිලධාරියෙක්. ඔවු මේ කැලේ මිනීමරැවෙක් හැංගිලා ඉන්වලු තමයි.", ඈ ජල පොකුනෙන් උඩට නගිමින් පැවසුවාය, "ඒත් මම ඔය එකෙකුටවත් බය නෑ. මම හැමදාම මෙතනට එනවා නාන්ඩ." ඈ තම සිරැර වටා වූ රෙදි කඩ අල්වාගෙන, ඔහු දෙසට සෙමින් එන්නට වූවා ය.

"ඔය කියන මිනිහා දැකල තියෙනවද?" උල්රිච් ඇසුවේය.

"ඇහින් නම් දැකලා නෑ. ඒත් මේ කැලේ ඇතුලේ එක එක සද්ද ඇහෙනවා. සමහර විට මිනිහා වෙන්න පුළුවන්. ඒත් මේක සත්තුන්ගේ සද්ද වලින් පිරිලා." ඈ තවත් ලගට අඩි තබමින් කීවාය. ඇගේ කෙටි රෙදි කඩ, ඇගේ තලෙලු පැහැති රවුම් දෙපා මුළුමනින්ම නිරාවරණය කළේය.

"ගේ තියෙන්නේ මේ ලග කීවා?"

"ඔවු. ඔය කියන මිනිහා පනින්නේ සල්ලි, බඩු භාණ්ඩ තියෙන ගෙවල් වලට. අපේ ගෙදර ගෙනියන්න දේවල් වත් සල්ලි වත් නෑ."

"හ්ම්ම්ම්" උල්රිච් කී අතර, මේ වන විට ඈ ඔහු අසළටම මෙන් පැමින තිබිනි.

"හ්ම්ම්, මනුස්සයෙක් දැක්කේ හොග කාලෙකින්." ඈ කීවාය, "මනුස්සයෙක් තියා ක්ලිගොනයෙක් වත් දැන් සති ගානකින් දැක්කෙ නෑ."

"ගෙදර කවුද ඉන්නේ?"

"අම්මා." ඈ කීවාය. "මම මනුස්සයෙක් මෙච්චර ලගට දැක්ක පලවැනි පාර" යැයි කී ඈ, ෆේසරය සහිත ඔහුගේ අත අතගා බැලුවාය, "මේ මොකක්ද?"

"ෆේසරයක්" උල්රිච් සිතිය යුත්තේ කුමක් දැයි කීවේය.

"කෝ බලමු." කී ඈ, එය ඔහුගේ අතින් මෘදු ලෙස අරගත්තේය.

"බලාගෙන, ඕක පත්තු වුනොත් ගහක් වුනත් කඩා වැටෙනවා" උල්රිච් නලළ රැළි ගන්වමින් කීවේය.

ඈ ෆේසරය මදක් පරීක්ෂා කර බලා, යලි ඔහු දෙස අවධානය යොමු කළාය. ඈ ඔහුගේ ෆෙඩරේෂන් නිල ඇදුම පිරිමැදි අතර, අවසානයේදී තම තලෙලු අත ඔහුගේ මුහුණ මත ගෙන ගියාය. "අපේ වගේ නමේ මිනිස්සුන්ගේ හම සිනිදුයි නේද" ඈ කුතුහලයෙන් යුතුව ඔහුගේ කම්මුල් මත ඇගිලි යවමින් කීවාය.

"ඔවු, ක්ලිගොන්වරැන්ගේ මාංශපේෂී තද බව මම දන්නවා." මේ වන විට ඇගේ රාගික බවෙන් යන්තමින් මත් වෙමින් ඔහු කීවේය. දැන් ඇගේ අත ඔහුගේ පපුව මතය.

"ඔය අතගෑම නවත්තනවා", උල්රිච් කීවේය. එහෙත් එය නෑසුනු බවකි ඈ පෙන්වූයේ.

"එතකොට මනුස්ස ගෑනුන් ගේ තන් අපේ තන් වලට වඩා සිනිදුද?" දැන් ඈ කීවේ, තම රෙදි කඩ අල්ලාගෙ සිටි අතින් එය මුදා හරිමිනි, "බලන්න කොයි ජාතියෙද වඩා සිනිදු කියලා" යැයි ඈ කියමින්, දැන් තම නග්න පියයුරැ උල්රිච්ගේ පපුවට තද කලා ය.

උල්රිච්ගේ හැගීම් ඇවිස්සුනද, ඔහු මෙසේ කීවේය, "තමුසේ වේසියක්ද ගෑනියේ? ඕක නවත්තනවා."

"ඉතින් මනුස්ස ගෑනුන්ට වඩා මගේ තදද කියන්නකො" ඈ ඔහු කියනා දෙය නොඅසා තම පපුව ඔහුගේ පපුවට තද කලේය.

"තදයි තදයි" උල්රිච් ගනනකට නොගෙන මෙන් කීවේය. දැන් ඈ ඔහුට පිටු පා හැරෙමින්, තම එක් අතක් ඔහුගේ ගෙල වටා යවමින්, අනෙක් අත ඔහුගේ අතෙහි දැඩිව පටලමින්, තම තට්ටම් ඔහුගේ රහසග පෙදෙසට තද කළාය. ඇගේ තට්ටම් වල පහසින් තම රහසග විශාල වනු ඔහුට නවතා ගත නොහැකි විය. ඔහු තම යටිබඩට තදවූ ඇගේ පසුපස දෙස බැලුවේය. එවිට ඔහුට කුතුහලජනක දෙයක් දැකගත හැකි විය. ඇගේ දකුණු තට්ටම මත, සර්පයින් දෙදෙනෙකු එකට පැටලුනු පච්චයක් කොටා තිබිනි! එහෙත් ඒ වන විට ඔහු ප්‍රමාද වැඩි විය. තම ගෙල වටා යැවුනු අත, පිඹුරෙකුගේ ග්‍රහණයක් මෙන් තම ගෙල සිර කරනු ඔහුට දැනී ගිය අතර, තම අත වටා එතුනු ඇගේ අත යකඩ අඩුවක් මෙන් ඔහුගේ අත සිර කරනු ඔහුට දැනී ගියේය. ඈ එක් චලනයකින් තම නිදහස් අතෙහි තිබූ ෆේසරය විසිකොට දැමූ අතර, ඔහු තම අනෙක් අතින් ඈව තල්ලු කොට දැමීමට උත්සාහයක් ගත්තේය. එහෙත් ඔහුට දැනුනේ තමා වලසෙකුගේ ග්‍රහණයට අසුවී ඇති බවකි. ඇගේ අතෙහි පිඹුරැ ග්‍රහණය, ඔහුගේ හිස ඇගේ කර මතින් පහතට අදින්නට වූ අතර, ඇගේ පය ඔහුගේ පයෙහි දඩු අඩුවක් මෙන් පටැලෙමින් ඔහුගේ සිරැර දෙකට නවන්නට විය. උල්රිච් හට තම කොටු ඇට පෙල කර-කර ගානු ඇසුනු අතර, අවසානයේදී "පටස්" ගා ශබ්ධයක් නැගී ගියේය. උල්රිච් කැපූ කෙසෙල් කදක් මෙන් පොලොවට පතිත වූ අතර, ඔහුගේ දෑස් දුටු අවසාන දෙය වූයේ, තෝරි ගේ කට කොනකින් සිනාසෙන මුහුණය.

No comments:

Post a Comment