ඉන්පසු පැමිනියේ, තමා සැබවින්ම කවරෙකුද යන අවබෝධයයි. මේ දක්වා ජීවත් වූ සියළු සත්වයන්ගේ රැධිරය තම අත්වල ඇත්තාවූත්, ගිනිය නොහැකි කෝටි ප්‍රකෝටි ගණනක් සත්වයන්ගේ අවසාන මොහොත අද්දුටුවාවූත්, ඔවුන්ගේ අවසාන මිනිත්තු කීපයේදී ඔවුන් අත්විදි දුක සහ සතුට, කායික වේදනාව සහ කායික සහනය අත්වින්දාවූත් එකම ප්‍රාණය -- තැන, ප්‍රාණය නොව. තමාව හැදින්විය හැකි වචනය කුමක්දැයි ඔහු නොදත්තේය -- තමා බව ඔහුට සිහි විය. තමා මරණය බව ඔහුට සිහිවිය. "ඔහු" යන වචනය මෙම "ජීවියාට" පාවිච්චි කිරීමට සැබවින්ම නොහැකිය. මරණයට ලිංග භේදයක් නොමැත. මෙහෙයින් මරණය හැදින්වීමට "එය" යන වචනය දැනට පාවිච්චි කරමු. "එය", හදිසි අනතුරැ වලදී ක්ෂණිකව මිය ගිය පුද්ගලයින්ගේද, පිළිකා වැනි මාරක රෝග වලින් ටිකෙන් ටික අවසානය කරා ලංවූ පුද්ගලයන්ගේ අවසාන මිතුරා විය. මරණයේදී සමහරැන් භීතියෙන් මොරගානුද, සමහරැන් එය තමා පෙලෙන පීඩා වලින් ගැලවෙන එකම මග යැයි සිතා සිනා පහල කරනුද එය දැක තිබුනේය. එමෙන්ම, සැබවින්ම, අවසාන මොහොතට මුහුන දීමට සිත සාදා ගැනීමට නොහැකි වූ සමහර ගැහැණු මිනිසුන්ටද වෙනත් විවිධාකාර ජීවීන්ටද උපකාර කිරීමටද එය උත්සාහ කොට තිබුනි. එම උත්සාහයන් සමහරක් සාර්ථක වී තිබුනු අතර, සමහරැන්ගේ සිත් භෞතික පැවැත්මට නොගැලවිය හැකි ලෙස ඇලී තිබීම හේතූවෙන්, සමහරක් උත්සාහයන් ව්‍යවර්ථව ගොස් තිබුනේය.
"එය", තමා ඉදිරියේ ඇති ඇසට නොපෙනෙන, මනසට පමනක් පෙනෙන කොලය උඩින් පල්ලෙන් කියවන්නට වූයේය. එහි මුල් කොටසේ ලියවී තිබුනේ කොෆී ගේ පාසැල් කාලයේදී ඔහු සහ නතාශා නැමති තරැණියක් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් ගැනය. ඇය දැඩි ආත්ම විශ්වාසයකින් යුතු, සමාජශීලී, එමෙන්ම ක්ෂූක්ෂම මොළයකින් තරැණියක් වූ අතර, තමාට කිසිවක් අවශ්‍ය වූයේ නම් ඈ එය හොදින් හෝ නරකින් ලබා ගත්තාය. ඈ සහ කොෆී සම කලොත්, එය කොටි ධෙිනුවක් ගොළුබෙල්ලෙකුට සම කලාක් වැනි විය. ජෝන් කොෆී යනු නතාශා විසින් තම උවමනාවන් ඉටු කර ගැනීමට පාවිච්චි කල ඉත්තෙක් විය. ඔහු, නූලකින් ඇගේ සුලැගිල්ලේ බැදී බල්ලෙකු විය. ඇගේ කාමුකත්වය, කෝෆී ගේ මෙම අහිතකර බැදීම වඩාත් තර කර ඔහුගේ ගෙල සිර කර දැමුවේය.
රැයෙහි අදුරැ ජනශුන්‍ය මාර්ගයක් අයිනේ නැවතූ කොෆීගේ පියාගේ කාරයෙහි පිටුපසු ආසනයෙහි ඔහු හා නතාශා සම්භෝගයෙහි යෙදෙන්නට පුරැදුව සිටියෝය. ඇගේ කාමාග්නියෙන් දැවෙන පහත් කෑගෑම් සහ සුසුම් ලෑම්, ඈ තම ක්‍රියාශීලී අත් වලින් ඔහුගේ රහස් තැන් උත්තේජනය කරන විට ඔහුගේ යටි කයින් පැනනැගුනු විදුලි කෙටීම් බදු ආවේගය, ඇගේ තෙත් මුව ඔහුගේ මුව සිපුම් වලින් සම්භාහනය කරද්දී දැනුනු ප්‍රණීත රසය, ඔවුන් එකිනෙකාගේ සුසුම් ආශ්වාශ-ප්‍රාශ්වාශ කරමින්, එකිනෙකාගේ සුසුම් වලින් ජීවත් වන විට දැනුනු දැඩි ඒකාත්මිකතාව, කොෆී ඈ වෙත නොගැලවෙන ලෙස බැද තැබුවේය. එහෙත් ඒ සදහා ඔහු ගෙවිය යුතු මිල වූයේ, බොහෝ විට තම සිතට එකග නොවුනු ඇගේ අණ පිලිපැදීමට සිදුවීමයි. එමෙන්ම, ඇගේ ක්ෂණික කෝපය ව්‍යාග්‍ර ධේනුවකගේ වැනි වූ හෙයින්, කොෆී ඇයට බිය විය. ඔවුන්ගේ මෙම වෛරය මුසු ආලය ඔවුන්ගේ පාසැල් සමය නිමාවී වසර ගණනාවක් පැවතිනි. එහෙත් කොෆීගේ මනස එරී තිබූ මෙම මී පැණි මුසු විශ ගොහොරැවෙන් ඔහුව යම්තාක් ගොඩගන්නට සමත් සිදුවීමක් වසර ගණනාවකට පසුව වුවද, සිදුවිය.
No comments:
Post a Comment